Friday 12 March 2010

තායිලන්තයේ අවුල

මම මේ දවස් වල ජීවත් වෙන්නෙ තායිලනතෙ. ඊයෙ දිනයෙ සිට බැන්කොක් නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක වෙනව. ඒක මෙහෙයවන්නෙ "අඥාදායකත්වයට එරෙහිව ප්‍රජාතාන්ත්‍රවාදය සදහා වූ එක්සත් ජාතික පෙරමුණ" හෙවත් "National United Front of Democracy Against Dictatorship" සංවිධානය. මේ අයගේ සංඛේතය තමයි රතු පැහැති කමිසය. මේ උද්ඝෝෂණ‍යෙ අරමුණ බැන්කොක් නගරයේ කටයුතු අඩපන කර හැකිනම් ආණ්ඩුව පෙරලා දැමීමයි. මේ සදහා ඔවුන් මුලු රටේම විසිරී සිටින සිය සා‍‍මාජිකයින් සියළු දෙනා මෙහි කැදවා තිබෙනවා. මෙම ලක්ෂ සංඛ්‍යාත පිරිස නිසා නගරයේ කටයුතු අවුල් ජාලයක් කිරීමට මොවුන් බලාපොරොත්තු වෙනව.



ඡායා රූපය ගත්තේ මෙතනින්

මේ රතු කමිස කණ්ඩාය‍ම සහයෝගය දක්ව‍න්නෙ මෙරට හිටපු අගමැති තක්ෂින් සිනවත්‍රාටයි. ඔබ දන්නවා ඇති 2006 වසරේ සිදුවූ හමුද‍කුමණ්ත්‍රණයකි තක්ෂින්ගේ ආණ්ඩුව විසිරුවනු ලැබුව. ඔහු තාමත් ජීවත් වන්නෙ රටින් පිටයි. සමහර අය කියන හැටිහට මෙම කුමණ්ත්‍රණය පසුපස සිටියෙ මෙර‍ට රජතුමාට පක්ෂපාතී සාම්ප්‍රදායික පාලක පැළැන්තියයි. නමුත් මෙරට ගැමි ජනතාව සහ ශිෂ්‍ය ප්‍රජාව අතර තක්ෂින් කෙරෙහි පැහැදීමක් ඇති බ‍ව පේනව. අද සිදුවීමට ආසන්නම හේතුව, පසුගියදා නඩු තීන්දුවකින් තක්ෂින් ට අයත් දේපළ අති විශාල ප්‍රමාණයක් රාජසන්තක කිරීමයි. එයට හේතුව ලෙස ආණ්ඩුව පැවසුවේ තක්ෂින් අගමැතිව සිටි කාලයේ ඔහු අසාමාන්‍ය ලෙස ධනවත් වූ බවයි. (අපෙ රටේ නම් ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නෙ නේද?) කෙසේ වෙතත් ඔහු ඉතා ධනවත් ව‍්‍යාපාරිකයෙක්.

මේ රටේ දේශපාලනය අපේ රටට වඩා බොහොම වෙනස්. ඒක තේරුම් ගන්න ටික කාලයක් මෙහෙ ජීවත් වෙන්නම ඕනෙ. ඒ පිළිබද සවිස්තරව මම වෙන දවසක ලියන්නම්. ‍

අද බැන්කොක් නගරයේ විදේශියෙක් වශයෙන් මට දැනුන එකම වෙනස පාරේ තදබදය වෙනදාට වඩා අඩු වීමයි. නමුත් මම උද්ඝෝෂකයින් ගැවසෙන ස්ථාන වලට නම් ගියේ නෑ. ‍

මේ දිනවල බැන්කොක් එනවනං එක දෙයක් මතක තියාගත්තොත් ‍හොදයි. තනි රතු හෝ තනි කහ පාට කමිස එච්චර නුවණට හුරු නෑ.. ආ.. මොකද කහ පාටෙ තියන අවුල ? හිඃ හිඃ.. ඒ ගැන පසුව..

2 comments:

  1. මන් හිතාගෙන හිටියේ ඔය වගේ උද්ඝෝෂණ තියෙන්නේ ලංකාවේ විතරයි කියලා.

    ReplyDelete
  2. තායිලන්තෙය් අධ්‍යාපනය ගැන මට ෙතාරතුරු ඒවන්න පුලුවන්ද?

    it50704@navy.lk

    ReplyDelete