Wednesday, 14 April 2010
සංක්‍රාන්තිය හෙවත් සොංක්‍රාන්
Tuesday, 16 March 2010
තායිලන්තයේ අවුල (2 කොටස) - කහ කමිසයේ කතාව
මුල් ලිපියෙන් මම තායිලන්තයේ මේ දවස් වල තියෙන ලොකු උද්ඝොෂණයක් ගැන ලියුව මතකනෙ ? ඒ වගේම මේ දවස් වල රතු කමිස වගේම කහ කමිස ඇඳීම එච්චර හොඳ නැති බවත් කිවුවනෙ. මොකක්ද කහ පාට කමිසයේ තියෙන විශේෂත්වය ?
මීට අවුරුදු කීපයකට කලින් සඳුදදා දිනයන් වල මෙහෙ හරි අපූරු දෙයක් දකින්න තිබුනා. ඒ දවසට හැමෝම වගෙ ඇන්දෙ කහ පාට ඇඳුම්. තායිලන්තෙ මිනිස්සු තමන් අඳින පාට තීරණය කරන්නෙ ලස්සන ගැන විතරක්ම හිතල නෙමෙයි. කහ පාට නියෝජනය කරන්නෙ රජතුමා. ඒවගේම මිනිස්සු රජතුමාට බොහොම ආදරය කළා. එනිසා සෑම සඳුදා දිනයකම කහ පාටින් සැරසී ඒ බව පවසා සිටියා.
තත්වය මෙසේ වෙත්දී 2005-2006 සමයේ තායිලන්තයේ අගමැතිව සිටියේ තක්ෂින් සිනවත්‍රා ද ගම්බද ජනතාව අතර ජනප්‍රසාදයට පත් වෙන්න පටන් ගත්නව. එයට හේතු වුනේ මෙතෙක් කල් දුශ්කර ගම් පළාත් වෙත ලඟා නොවූ දළිඳු කම තුරන් කිරීමේ වැඩසටහන්, සෞඛ්‍ය පහසුකම් වඩ වඩාක් ඒ ජනතාව කෙරෙහි රැගෙන යාමට ඔහු ගත් ක්‍රියාමාර්ගයි.
ඒ කෙසේ වෙතත් මේ වෙනකොට තවත් කණ්ඩායමක් තක්ෂින් ගේ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්න පටන්නව. ඔවුන් ප්‍රකාශ කරන්නෙ ආණ්ඩුව හරිම දූෂිත බව සහ තක්ෂින් රජතුමාට පක්ෂපාත නැති බවයි. මෙම කණ්ඩායමේ නම People's Alliance for Democracy (PAD) හෙවත් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා සන්ධානය’. නමුත් මෙම සන්ධානය පසුපස සිටින්නේ බැන්කොක් නගරයේ ඉහළ මධ්‍යම පන්තිය සහ රජුට ඉතා හිතවත් පිරිස් බව මට ඇතැම් අය පවසනවා. PAD පිරිස තම ලකුණ ලෙස තෝරාගන්නේද රජතුමාගේ පාට වන කහ පාටමයි. එනිසා මේගොල්ලො කොච්චර ‘ප්‍රජාතන්ත්‍රවාදී’ ද කියල හිතාගන්නකො..
කොහොම හරි මේ පිරිස උද්ඝෝෂණ කිරීමත් හා සමඟ හමුදා කුමණ්ත්‍රණයක ප්‍රථිපලයෙන් ආණ්ඩුව විසුරුවනු ලබනව. නමුත් 2007 මහ මැතිවරණය ජයලබන්නේ නැවතත් තක්ෂින්ට පක්ෂපාතී කණ්ඩානම්. ඉතින් අපේ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ කහ කමිස කාරයො නැවතත් වීදි බහිනව එම ආණ්ඩුවට එරෙහිව ප්‍රචන්ඩව. ඔන්න ඔය වතාවෙ තමයි අර බැන්කොක් ස්වරණභූමි ගුවන් තොටුපල සතියක් වසා තබන්න වුනේ(2009) මේ කට්ටිය නිසා.
ඒ වතාවෙ ඉතින් විවිධ බලපෑම් මත නැවතත් ආණ්ඩු වෙනසක් ඇතිවී කහ කමිස කාරයන් බලාපොරොත්තු වූ කෙනා අගමැති වෙනව. ඔන්න ඉතින් ඔහොම තමයි රතු කමිස කාරයො එළියට එන්නෙ..
මේ නිසා දැන් වැඩි පිරිසක් මේ පාට දෙකම ඇඳීමෙන් වැලකී සිටිනව.. ඔන්න මම සරළව විස්තර කරා.. තේරුනාද මන්දා. වැඩි විස්තර ඕනෙනම් විකිපීඩියා එක බලන්නකො පහත දැක්වෙන ලින්ක් වලින්..
http://en.wikipedia.org/wiki/Thaksin_Shinawatra
http://en.wikipedia.org/wiki/Thailand_political_crisis_2005-2006
Friday, 12 March 2010
තායිලන්තයේ අවුල

Thursday, 11 March 2010
මගේ ප්‍රථම සටහන
